Saturday, May 4, 2024

General line - 0115112241

රාජ්‍ය නොවන සංවිධාන ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් නවතයි




රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඇෆ්ගනිස්ථානය තුළ සිදුකරන සිය මෙහෙයුම් අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ඇෆ්ගන් කාන්තාවන් සේවයට කැඳවීමෙන් වළකින ලෙසට තලෙයිබාන් පාලනය නියෝග කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව මෙහෙයුම් අත්හිටවූ රාජ්‍ය නොවන සංවිධාන අතර ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආයතන වන බවත්, ඔවුන්ගෙන් ඇෆ්ගනිස්තානයට හිමිවන ආධාර අහිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 


එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහෙයුම් අත්හිටවූ රාජ්‍ය නොවන සංවිධාන අතර සේව් ද චිල්ඩ්රන් ආයතනය ද වන බවයි.

එලෙස මෙහෙයුම් හා සේවා කටයුතු අත්හිටවූ රාජ්‍ය නොවන සංවිධානවලට අනුබද්ධ ආයතන පවසන්නේ සිය නිලධාරිනියන් නොමැතිව මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීම අපහසු බවයි.