Saturday, May 4, 2024

General line - 0115112241

මාලදිවයිනේ හිටපු ජනපතිවරයෙක්ට වසර 11ක සිර දඬුවම්




මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දුල්ලා යමීන් එරට අධිකරණය හමුවේ වරදකරුවකු වී තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව එල්ල වී තිබූ මූලය දූෂණ චෝදනා වලට අදාළවයි.

මාලදිවයිනේ අපරාධ අධිකරණය විසින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් වරදකරුවකු ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති වරයාට වසර 11 ක සිර දඩුවමක් පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක්ද නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පුද්ගලික ආයතනවල මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීම හා මූල්‍ය විශුද්ධීකරණය සම්බන්ධයෙන් අබ්දුල් යමීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.