Friday, April 26, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නිසි දැනුමක් සමාජයට ලබාදිය යුතුයි - අධ්‍යාපනඥයින් කියයි




පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නිසි දැනුමක් සමාජයට ලබාදිය යුතු බව ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද පවසනවා.

එම විභාගයේ ප්‍රධාන භීතිකාවක් බවට පත්ව ඇති ගණිත ගැටළුවලට අදාල ඉගැන්වීම්වලදී ඇතැමුන් පරිපාලන විභාගවල ප්‍රශ්ණ ද දරුදැරියන්ට ලබාදෙන බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සජීවා රඹුක්වැල්ලද නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී මෙලෙස අදහස් පළ කළා.