Tuesday, April 23, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය කඩා වැටෙමින් ඇති බවට මන්ත්‍රීවරයෙකු ගෙන් ප්‍රකාශයක්




වර්තමාන පාලනය යටතේද ආර්ථිකය දැඩි ලෙස කඩා වැටෙමින් ඇතැයි නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ ආනයන සීමා හා ණය නොගෙවීම හේතුවෙන් රට ස්ථාවර බව පෙනුනද එය තාවකාලික තත්ත්වයක් බවයි.

ලබන වසරේදී රටේ ආර්ථිකය තවත් දරුණු වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කළා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. 

ආර්ථික අර්බුධය විසඳීමට පැහැදිලි වැඩපිළිවෙළක් තවමත් රට තුළ නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළා. 

නිවැරදි නායකයෙකු බව පවසමින් බලයට ගෙන ආ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අසාර්ථක වීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මෙහිදී අදහස් පළ කළා. 

නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.