Sunday, April 28, 2024

General line - 0115112241

අවුන් සාන් සුකීට තවත් වසර 7 ක සිර දඬුවමක්




මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, විවිධ අපරාධ 19 කට වරදකාරිය කරමින්. ඒ අනුව අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය ලබාදී ඇති සිරදඬුවම් කාලය සම්පූර්ණ වසර 33 ක් දක්වා දීර්ඝ වනු ඇති.

මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්වුනා. එහි ඇතුලත්වූ අවසන් අපරාධ චෝදනා 5 සඳහායි ඇයට මෙලෙස වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත්තේ.

කෙසේවෙතත් නඩු විභාගය ජනතාවට සහ මාධ්‍ය වෙත විවෘත නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. නීතිඥයන්ට නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීම පවා හමුදා අධිකරණය තහනම් කර තිබූ අතර අවුන්සාන්සුකී පවසන්නේ තමන්ට එල්ල වූ අපරාධ චෝදනා සියල්ලට ප්‍රතික්ෂේප කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයග්‍රහණයක් හිමිකර ගනිමින් බලයට පත් වූ අවුන්සාන් සුචී 2021 පෙබරවාරී මස දී හමුදා කුමන්ත්‍රණයකින් යලි බලයෙන් පහකෙරුණා.