Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැනුම්දීමක්




චීනයේ කොරෝනා තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇති බවයි.

චීනය කොවිඩ් නීති ලිහිල් කිරීම් හමුවේ ආසාධිතයින්ගේ  ඉහළ යාමක් දක්නට ලැබුණු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. එවන් පසුබිමක් තුළ චීනය විසින් නිවැරදි තොරතුරු ප්‍රකාශ කළේ නැහැ.

කොරෝනා ආසාධිතයින්ගේ ඉහළ යාම හේතුවෙන් මිය යන, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් පුද්ගලයන් පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීන සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.