Sunday, April 28, 2024

General line - 0115112241

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි




හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අද දිනයේ දී  ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කර සිටිනවා. ඒ වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූවා.

හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ සිය සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් මිට වසර 10 කට පමණ පෙර ධුරයෙන් ඉල්ලා අස්වුවා.

ඔහු වසර අටකට අඩු කාලයක් කතෝලික සභාව වෙනුවෙන් නායකත්වය දෙනු ලැබුවා.

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ සිය අවසන් කාල සීමාව ගත කළේ වතිකානුවේ පිහිටි Mater Ecclesiae ආරාමයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.