Sunday, May 5, 2024

General line - 0115112241

ලොව ඔන්ලයින් වෙළෙන්ඳා ඇමර්සොන් සේවකයින් 18,000 ක් ගෙදර යවන්න සැරසෙයි




ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි කිරීමේ සේවාවක් වන ඇමර්සොන්හි සේවකයින් 18,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇමර්සොන් සමාගම සතුව ලක්ෂ 03 කට ආසන්න සේවකයින් පිරිසක් සේවය කරනවා. ඉන් සියයට 6 ක පිරිසකට මෙලෙස සේවය අහිමිවනු ඇති. 

ඇමර්සොන් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සමයේ මුහුණපා ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වයයි. එය තවදුරටත් පවතිනු ඇති බවටයි ඇමර්සොන් ප්‍රධාන විධායක ඇන්ඩි ජැසී පවසා ඇත්තේ.

ඒ අනුව වියදම් අඩුකිරීමේ ක්‍රමෝපායක් ලෙස මෙලෙස සේවක කප්පාදුවක් සිදුකිරීමට ද තීරණය කර තිබෙනවා. එමෙන්ම නව ගබඩා සංකීර්ණ කුලියට ගැනීම නතර කිරීමට ද ඇමර්සොන් සමාගම තීණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමර්සොන් යනු ලොව අන්තර්ජාල වෙළඳපොලේ මෙන්ම තාක්ෂණික හා ඩිජිටල් ක්ෂේත්‍රයේද ප්‍රමුඛපෙළේ සමාගමක් වනවා. එමෙන්ම ලොව වටිනාම සන්නාමවලින් එකක් වන ඇමර්සොන්, ඇපල්, ෆේස්බුක් - මෙටා සහ මයික්‍රොසොෆ්ට් යන අමෙරිකානු ප්‍රධාන තොරතුරු තාක්ෂණ සමාගම් පහෙන් එකක් වීමද විශේෂත්වයක්.