Friday, November 15, 2024

General line - 0115112241

ඒකපුද්ගල බිත්තර පරිභෝජනය 133 සිට 50 දක්වා පහළට




මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය මේ වන විට සියයට 50කටත් වඩා අඩු වී ඇතැයි ලෝක කුකුළු විද්‍යා සංගමය පවසනවා. එහි ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලෙගම පැවසුවේ 2020 වර්ෂය වන විට මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය 133ක මට්ටමක තිබූ බවයි.

මේ වන විට එය 50ක් දක්වා පහළ බැස ඇතැයි තොරතුරු පවතින බව ඔහු කියා සිටියා. 

පවතින බිත්තර හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළා. ඔහු සදහන් කළේ ආනයනික පළමු බිත්තර තොගය ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බවයි. කෙසේ වෙතත් ආයනයනික බිත්තර මිල මෙතෙක් තීරණය කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රට තුළ බිත්තර අර්බුදයක් ඇති වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පළ කළේ මෙවන් අදහසක්. 

බිත්තර මිල මේ වන විටද ඉහළ අගයක පවතින අතර බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි වන්නේ රුපියල් 60කට ආසන්න මට්ටමකයි.