Saturday, May 4, 2024

General line - 0115112241

නීති විරෝධී මත්පැන් සහ දුම්වැටි සමඟ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට




නීති විරෝධී මත්පැන් සහ තීරුබදු රහිතව ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් 9 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 64කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්වැටි 400ක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සිටිනවා.

අනෙක් සැකකරුවන් මීගමුව, තිඹිරිගස්කටුව, දලුපොත, කොච්චිකඩේ සහ තුන්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.