Sunday, April 28, 2024

General line - 0115112241

බස් ගාස්තු ගැන සාකච්ජා එකඟතාවයෙන් තොරව අවසන් වෙයි




බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර අද  පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

ඉකුත්දා සිදු කෙරුණු ඩීසල් මිල අඩු කිරීමට සාපේක්‍ෂව බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ පුද්ගලික බස් හිමියන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණා.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ අඩු වූ ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් සංගම් නියෝජිතයින් එහිදී පෙන්වා දුන් බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ  සභාපති ගැමුණු විජේරත්නද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.