Wednesday, May 1, 2024

General line - 0115112241

ත්‍රස්තවාදයට එරෙහිව පකිස්ථානයේ විරෝධතාවක්




පකිස්ථානයේ දකුණු වසිරිස්තානයේදි ත්‍රස්තවාදයට එරෙහිව විරෝධතාවක් පැවැත්වුණා.

නීතිය හා සාමය පිරිහීම හේතුවෙන් වසිරිස්තානය තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි විරෝධතාකරුවන් චෝදනා කළේ.

පකිස්තාන මහජන පක්ෂය, අවාමි ජාතික පක්ෂය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ඇතුළු එරට දේශපාලන පක්ෂ කිහිපයක ක්‍රියාකාරීන් ද විරෝධතාවට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අමතරව සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතීඥයින්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සාමාන්‍ය වැසියන් ඇතුලු විශාල පිරිසක් ද විරෝධතාව සදහා එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ත්‍රස්තවාදය මර්ධනය කර වසිරිස්තානයේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පකිස්තාන බලධාරීන් අපොහොසත් වී ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කළා.

ත්‍රස්තවාදයට මෙන්ම රජයට එරෙහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් පිටිස විරෝධතාවයේ නිරත වුණා.

ඔවුන් රජයට බල කර සිටියේ නීතිය හා සාමය ආරක්ෂා කර වසිරිස්තාන කලාපයේ වෙසෙන සිවිල් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

මේ අතර දකුණු වසිරිස්තානයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී ත්‍රස්තවාදීන් 11 දෙනෙකු ඝාතනය කළ බව පකිස්තාන හමුදාව පවසනවා.

කෙසේවෙතත් 2022 වසරේදී තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හමුවේ පකිස්තානය තුළ පුද්ගලයින් 1000 කට ආසන්න පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.