Wednesday, May 1, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයෙන් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි




ඉන්දුනීසියාවේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් එරට ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක්  ද නිකුත් කිරීමට කඩිනම්  පියවර ලබාගත් අතර මුහුදු මට්ටමේ සැළකිය යුතු වෙනසක් වාර්තා නොවූ හෙයින් සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමට පියවර ගැනුණා.

මෙම භූ කම්පනයේ  ප්‍රබලත්වය ඕස්ට්‍රේලියාවට පවා දැනුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.