Sunday, May 5, 2024

General line - 0115112241

පරිගණක දෝෂයක් නිසා ගුවන් ගමන් රැසක් ප්‍රමාද වෙයි 




ගුවන් නියමුවන්ට පියාසර කිරීමට පෙර නිවේදනයන් ලබා දීමට කටයුතු කරනු ලබන ගුවන් සේවා පරිපාලන පද්ධතියක ඇතිවූ දෝෂයක් හේතුවෙන් අමෙරීකාව තුල ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

NOTAMS පද්ධතිය ලෙස හඳුන්වන මෙම පද්ධතිය හරහා ගුවන් නියමුවන් වෙත සිය පියාසරයන්ට පෙර අවශ්‍ය දත්ත නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට අමෙරිකාව තුල ගුවන් ගමන් 700කට අධික සංඛ්‍යාවකට පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් ප්‍රමාදයන්ට ලක්ව ඇති බවයි.