Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ සොරකම් වල නිරත වූ ලාංකිකයින් සිව් දෙනෙකු එරට අත්අඩංගුවට




ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු දකුණු ඉන්දියාවේ මුදල් ඇතුළු විවිධ සොරකම් වල නිරත වෙමින් සිටිය දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ  'තක් තක්' නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ පුද්ගලයින් මෙම සොරකම සිදු කළ බවයි.

ඔවුන් සතුව සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46 කට අධික මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ  සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.