Sunday, May 5, 2024

General line - 0115112241

චීනයේ වාර්තාවක් ඉන්දියාව සතුකර ගන්න යයි




ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට ලෙස චීනය තබා තිබෙන වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දියාව සූදානම් වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන්නේ තවත් මාස 03 කින් ඉන්දියාව, චීනය අභිභවා ලොව වැඩම ජනගහනයක් වෙසෙන රට ලෙස වාර්තා අතරට පැමිණෙනු ඇති බවයි.

ඒ අනුව ලබන අප්‍රේල් මස 14 වනදා ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත් වනු ඇතැයි එක්සත් ජාතීන් පුරෝකථනය කරනවා. 

ඉන්දියාවේ මේවනවිට සමස්ථ ජනගහනය බිලියන 1.41 ක්. චීනයේ ජනගහනය බිලියන 1.45 ක් වනවා. එහෙත් අප්‍රේල් මස 15 වනදා ඉන්දියාවේ ජනගහනය එය අභිබවා යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරනවා.

චීනයට සාපේක්ෂව ඉන්දියාවේ දරු උපත් අනුපාතය සහ තරුණ ජනගහනය ඉහළ අගයක් වාර්තා කරනවා. චීනය අභිබවා ඉදිරියට පැමිණීමට ඉන්දියාවට හැකිව ඇත්තේ ඒ නිසා බවයි විචාරකයින් පවසන්නේ. 

චීනය ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට ලෙස කිරුළ පැළද සිටින්නේ 1950 වර්ෂයේ සිටයි. ඒ අනුව චීනය සතු වසර 73 ක වාර්තාව ඉන්දියාව බිද හෙලනු ඇති.