Monday, May 6, 2024

General line - 0115112241

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට චෝදනාවක්




මගී බස් රථ සේවාව නියාමනය කිරීම පසෙකලා මුදල් උපයන ආයතනයක් ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරන බව බස් සංගම් චෝදනා කරනවා.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පෙන්වා දෙන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ඉවත් කර එම බස් රථ සුඛෝපභෝගී බස් රථ සඳහා යොදා ගැනීමට ද කොමිෂන් සභාව විසින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් අය කිරීම එක් උදාහරණයක් බවයි.

අර්ධ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය සේවා සඳහා යෙදවීමෙන් ද ගැටළු මතුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළා. මේ, එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩො.