Sunday, April 28, 2024

General line - 0115112241

යුක්රේන යුද්ධයෙන් චීනයට වාසියක්




ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය අප්‍රිකානු කලාපය වෙත සිදු කරන බලපෑම් ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා අනාවරණ කරනවා.

එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ අප්‍රිකානු රටවලට සිදු කරන ආයුධ අපනයනයට මුවාවී චීනය එම රටවල පතල්වල ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලික කොන්‍ත්‍රාත්කරුවන් ද යොමු කරන බවයි.

එම කොන්ත්‍රාත්කරුවන් අප්‍රිකානු කලාපයේ රටවල චීනයේ මැදිහත්වීම මත BRI ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙන වරාය හා දුම්රිය මාර්ග ව්‍යාපෘති සදහා ද යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.

චීනය අප්‍රිකානු කලාපයේ රටවල් 17 කට අවි සහ ආයුධ අපනයනය කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අප්‍රිකානු රටවල් 15 ක චීනයට අයත් පුද්ගලික ආරක්ෂක සමාගම්වල් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය අප්‍රිකාව වෙත අපනයනය කරන අවි ආයුධ අතර කාලතුවක්කු,  යුධ ටැංකි, මිසයිල, යුද නෞකා මෙන්ම ප්‍රහාරක ගුවන් යානා මෙන්ම නියමුවන් රහිත යානා ද වනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ යුක්රේන යුද්ධය හමුවේ රුසියාවේ ආයුධ අපනයනය පහළ යාම චීනයට වාසිදායක් වී ඇති බවයි.