Monday, May 6, 2024

General line - 0115112241

මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ සුබ ලකුණක්




සංචාරකයින් 47,353 දෙනෙකු මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි බව වාර්තා වේ. 47000 කට අධික සංචාරකයින් පිරිසක් මෙසේ පැමිණීම සුබ ලකුණක් ලෙසයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය 01 වනදා සිට 15 දක්වා  දක්වා කාලය තුළ  එම සංචාරකයින් පිරිස මෙරටට පැමිණි බවයි.

ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙනි.එම සංඛ්‍යාව 12,064 ක් වේ.

මීට අමතරව බ්‍රිතාන්‍යයෙන්  3,862 ක් දෙනෙකු ,ජර්මනියෙන් 3,945,  ඉන්දියාවෙන් 5,838 දෙනෙකු හා ප්‍රංශයෙන් 2,241 දෙනෙකු මෙරටට වාර්තා වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.