Monday, May 6, 2024

General line - 0115112241

පැතිරෙන දිලීර රෝගය නිසා ගොවින් පිරිසක් කුඹුරුවලට ගිනි තබයි

අමදෝරු අමරජිව - ත්‍රිකුණාමලය




වී වගාවේ පැතිරෙමින් යන  දිලීර රෝගය පාලනය කර ගැනිමට නොහැකිවු ගොවිහු පිරිසක් එයින් කලකිරිමට පත්වී අද (18) සිය කුඹුරු වලට ගිනි තැබූ පුවතක් කන්තලේ, අග්බෝපුර, තල්ගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පැතිර යන දිලිර රෝගයට විශාල ලෙස මුදල් වියදම් කර වෙලදපොලේ විකිනීමට ඇති සියලුම දිලිර නාශක යෙදුවත් එය පාලනය නොවු නිසා තමන් සිය වගාවන්ට ගිණි තැබු බවයි මෙහිදී ගොවින් ප්‍රකාශ කර සිටියේ,

මේ වන විට අග්බෝපුර 10  ඇල කුඹුරු යායේ අක්කර 500ක වගාවක් මෙම දිලිර රෝගයට ගොදුරුවි ඇති බව සඳහන්. 

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔවුන් පවසන්නේ රජය බලහත්කාරයෙන් කාබනික පොහොරවලට ගොවින් ඇද දැමීම නිසා මෙම දිලිර ව්‍යාප්ත විමට හේතු වු බවයි.