Monday, May 6, 2024

General line - 0115112241

මැතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ උත්සහයක් ගැන විපක්ෂය මැතිසබයේදී හෙලි කරයි




මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම කඩිනමින් සිදු කිරීමට ආණ්ඩුව උත්සහ කරන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සහ කිරීමේ අරමුණින් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම මසකින් කල් දමන බවයි අධිකරණ අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ. එවන් පසුබිමක් තුළ ඒ සම්බන්ධයෙන් අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා මෙම පනත් කෙටුම්පත කඩිනමින් දෙවනවර කියවීමට උත්සහ කරන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. 

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත හරහා මැතිවරණය කල් දැමීමේ කිසිදු උත්සහයක් නොමැති බවයි.

ඉන් අනතුරුව අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇති වුණා. 

පසුව පාර්ලිමේන්තුවේ නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හරහා පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි. 

මෙම විවාදයට එක් වෙමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ කලින් එකඟ වූ පරිදි මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මසකින් කල් දැමීම සිදු කළ යුතු බවයි.