Sunday, April 28, 2024

General line - 0115112241

කිලෝ 03 ක ලෝකයේ ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන්




ලෝකයේ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා. මෙම මැඩියාගේ බර කිලෝග්‍රෑම් 2 යි දශම 7 ක්. 

වේවැල් මැඩියා ලෙස හඳුන්වන මෙම මැඩියන් විශේෂය 1935 දී පළමු වරට සොයාගෙන ඇත්තේද ඕස්ට්‍රේලියාවෙන්. අලුතින් සොයාගත් මැඩියා බිඳ හෙලා ඇත්තේ 1991 වසරේ ස්වීඩනයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 2 යි දශම 6 යි 5 ක් වූ මෙතෙක් ලොව විශාලතම මැඩියාගේ වාර්තාවයි. 

මෙම මැඩියා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක බරින් යුක්ත බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. 

වැසි වනානන්තරවල වැඩි වශයෙන් ජීවත් වන මෙම මැඩියන් විශේෂය පරිසර පද්ධතියට හානිකරන සත්ව විශේෂ අතරින් එකක් වන අතර එහි ගහණය මේ වන විට බිලියන දෙක ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.