Saturday, April 20, 2024

General line - 0115112241

දුරගමන් සේවා බස් රථ සඳහා QR ඛේතය හරහා ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදීමට සාකච්ජා




දුරගමන් සේවා බස් රථ සඳහා QR ඛේතය හරහා ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් කිව් ආර් ක්‍රමවේදයට වඩා ගෙවීම් කාඩ්පතක් ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රායෝගික වන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.