Saturday, May 4, 2024

General line - 0115112241

චීන - අමෙරිකා යුද්ධයක් ගැන ජනරාල්වරයෙකුගෙන් අනාවරණයක්




අමෙරිකාව 2025 වසරේදී චීනය සමග යුද්ධයකට එළඹෙනු ඇති බව අමෙරිකානු ගුවන් හමුදාවේ ජනරාල්වරයෙකු වන මයික් මිනිහාන් පවසනවා.

සිය නායකත්වය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ සිය ඇතුලාන්තයෙන් පවසන්නේ 2025 වසර වනවිට අමෙරිකාව චීනය සමග සටන් කරනු ඇති බව යන්නයි. අදාළ ලිපිය පෙබරවාරි 01 වනදාට දින ඇතුළත් කර සකස් කර ඇතත් ඔහු එය ඊයේ දිනයේදී යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

අමෙරිකාවේ මෙන්ම තායිවානයේ මීලග ජනාධිපතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිතයි. එය අවස්ථාවක් කර ගනිමින් චීනය යම් යුදමය ක්‍රියාමාර්ගයක් සඳහා අවස්ථාව උදාකර ගනු ඇති බවයි ජනරාල්වරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ. 

කෙසේවෙතත් අදාළ ජනරාල්වරයාගේ මතය චීනය සම්බන්ධයෙන් අමෙරිකාවේ මතය නොවන බව පෙන්ටගනය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.