Sunday, April 28, 2024

General line - 0115112241

හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට ගිය දරුවා දින 06 කට පසු වෙනත් රටකින් හමුවෙයි (VIDEO)




හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි 15 හැවිරිදි දරුවෙකු දින 06 කට පසුව වෙනත් රටකින් හමුවූ පුවතක් වාර්තා වනවා.

ෆාහිම් නමින් හඳුන්වනු ලබන මෙම 15 හැවිරිදි දරුවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගනු ලබන බහාලුමක සිට සොයා ගෙන තිබුනේ මැලේසියාවේ, බටහිර වරායේ දීය. ඒ එම දරුවා සිටි බහාලුම රැගත් නෞකාව දින 06ක කාලයක් බංග්ලාදේශයේ චිතගොංන් වරායේ සිට ගමන් ඇරඹීමෙන් පසුවයි.

සෙල්ලම් කරමින් සිටි දරුවා ඔහු රැඳී සිටි බහාලුමට ඇතුල්වීමෙන් පසු නින්දට ගොස් ඇති බවත් පසුව ඔහු මෙරටින් හමුවූ බවයි මැලේසියානු ස්වදේශ කටයුතු ඇමතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ වන විට දරුවාට වෛද්‍ය පරීක්ෂණයට යටත් කොට ඇති බවත් ඔහු උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන බවට සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

මේ වන විට එම දරුවා නිත්‍යානුකුල මාර්ගයෙන් නැවත සිය රට බලා යැවීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවයි මැලේසියානු බලධාරීන් සඳහන් කර සිටියේ.

එම දරුවා සොයා ගනු ලැබූ අවස්ථාවේදී ගනු ලැබූ වීඩියෝවක් පහතින් :