Sunday, April 28, 2024

General line - 0115112241

විශ්‍රාම යා හැකි වයස ඉහළ නැංවීමට එරෙහි ප්‍රංශ විරෝධතා උත්සන්න වෙයි




ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින් විශ්‍රාම යා හැකි වයස් සීමාව ඉහළ නැංවීමට ගත් තීරණයට එරෙහිව එරට වැසියන් ආරම්භ කළ විරෝධතා උත්සන්න වී තිබෙනවා.

ඒ අනුව ප්‍රංශයේ නගර රැසක් පුරා එම විරෝධතා ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. විරෝධතා හමුවේ අද ප්‍රංශයේ පාසල් වසා දමා තිබූ අතර පොදු ප්‍රවාහනයට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල මෙහෙයුම් සඳහා ද බාධා එල්ල වී තිබෙනවා.

විරෝධතා සංවිධාන කර ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විසින්. ඒ සඳහා ප්‍රංශ වැසියන් දහස් ගණනක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විශ්‍රාම යා හැකි වයස් සීමාව වන අවුරුදු 62, අවුරුදු 64 දක්වා ඉහළ නැංවීමටයි ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සැලසුම් කර ඇත්තේ.