Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි පැය 24 ගැන ධීවරයන්ට සහ නාවිකයන්ට අනතුරු ඇගවීමක්




නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත්,  ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ ඉතා තද වැසි ඇත‘ිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මුහුදු ප්‍රදේශ කිහිපයක ඉදිරි පැය 24දී ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.