Friday, April 26, 2024

General line - 0115112241

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්




මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර පත්කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඊට අදාළ ලිපිය ඔහු වෙත යොමු කර ඇති අතර එම පත්වීම පසුගිය දෙවැනිදා සිට බලපැවැත්වෙන බවයි එහි දක්වා ඇත්තේ.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ එම තනතුරුවලින් ඉකුත්දා ඉල්ලා අස්වීම හේතුවෙන් එම කොමිසමේ පුරප්පාඩු දෙකක් ඇතිවුණා.