Monday, May 6, 2024

General line - 0115112241

ලාෆ් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට




අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සමාගමද ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමන බවයි ලාෆ් සමාගම පැවසුවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,280 ක් දක්වා ඉහළ යනු ඇති. කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් වැඩි කර ඇති අතර එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,112 ක්.

කිලෝග්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් වැඩි කෙරෙන බවයි ලාෆ් සමාගම පැවසුවේ. ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 845 ක් දක්වා ඉහළ යනු ඇති.