Monday, May 6, 2024

General line - 0115112241

භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ රැදී සිටි ලාංකිකයන් පිරිසක් ගැනත් අනාවරණයක්




තුර්කියේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශය ආශ්‍රිතව ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.

තුර්කි තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ ඒ අතරින් අට දෙනෙකු සිය කාර්යාලය හරහා සම්බන්ධ කර ගෙන ඇති බවයි. ඔවුන් කිසිවෙකුටත් භූ කම්පනයෙන් අනතුරක් සිදුව නොමැති බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලක එක් ශ්‍රී ලාංකිකයෙකු වාසය කර ඇති අතර භූ කම්පනය සිදුවන අවස්ථාවේ ඔහු එම ගොඩනැගිල්ලේ සිටියාද? නැද්ද? යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළා.