Monday, May 6, 2024

General line - 0115112241

මෙම වසරේත් සහල් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි අනාවරණයක්




රෝගී තත්ත්වයක් නිසා ගොයම් කහ පැහැවීම හේතුවෙන් මෙවර මහ කන්නයේදී අස්වනු හානි විය හැකි ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගණනය කර ඇති ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව පිළිබද ජේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අවම වශයෙන් මෙවර මහ කන්නයේ වී අපේක්‍ෂිත වී අස්වැන්නෙන් සියයට 20ක පමණ වගා හානියක් එම රෝග තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි බවයි. 

ගොයම් කහ පැහැවීමට මූලික හේතුව පොටෑසියම් ඌණතාවය බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. කෙසේවෙතත් පොටෑසියම් පොහොර යෙදීමෙන් පමණක් එම රෝග තත්ත්වයෙන් මිදීමට නොහැකි බවයි මහාචාර්ය අරුණ කුමාර පෙන්වා දුන්නේ. 

යම් හෙයකින් එළඹෙන යළ කන්නයේ වගාව සාර්ථක කර ගැනීමට නොහැකි වුවුහොත් මෙම වසරේ ද සහල් ආනයනය කිරීමට සිදුවන බවයි මහාචාර්ය අරුණ කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.