Sunday, May 5, 2024

General line - 0115112241

ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි




හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ඔහු දිවුරුම් දෙනු ලැබුවා.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි.