Monday, May 6, 2024

General line - 0115112241

අභිරහස් ලෙස මියගිය මවකගේ සහ දියණියකගේ සිරුරූ ගිනිගත්හේනේ නිවසකින් හමුවෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්




ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුල මව සහ දියණිය අභිරහස් ලෙස මියගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ පදිංචි මහමැදිලාගේ ප්‍රදිපා ඉන්ද්‍රානි (අවු 50 ) මව සහ කන්දේ වෙදරාළලාගේ දොන් ලක්මිණි ලක්මාලි (අවු 30) දියණියයි.

නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගන්ධයක් හමන බවට ගිනිගත්හේන පොලිසියට අද දින ප්‍රදේශවාසින් විසින් කල දැනුම් දිමක් මත සිරුරු දෙක සොයාගත් බවත්, සිරුරු දෙකම නිදන කාමරයේ ඇද මත තිබු බවයි පොලිසිය කියා සිටියේ.

මියගිය දෙදෙනා මානසික රෝගි තත්ත්වයෙන් පෙලෙන අය බවත්, මියගිය කාන්තාවගේ සැමියා සහ පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවයි පොලිසිය කියා සිටියේ.

මෙය සියදිවි හානි කර ගැනිමක් බවට සැකකරන ගිනිගත්හේන පොලිසිය සිරුර දෙක සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.