Monday, May 6, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 132කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 177ක් පමණයි. එහිදී, ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගැනීමට රවීන්ද්‍ර ජඩේජා සමත් වුණා. රවිචන්ද්‍රන් අශ්වින් ද කඩුලු 3ක් බිඳ හෙලුවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 400ක් රැස් කළා. නායක රෝහිත් ෂර්මා ලකුණු 120යි. අක්සාර් පටෙල් අද දිනයේ දැවී ගියේ ලකුණු 84ක් රැස් කර සිටියදීයි. රවේන්ද්‍ර ජඩේජා ලකුණු 70යි. පන්දු යැවීමේදී ටොඩ් මර්ෆි කඩුලු 7ක් බිඳ හෙලුවා.
 
ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 91ක් පමණයි. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් බිඳ හෙලුවා. රවීන්ද්‍ර ජඩේජා තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.