Monday, May 6, 2024

General line - 0115112241

හඳුනානොගත් පියාසර වස්තුවකට කැනඩාවෙනුත් වෙඩි




උතුරු අමෙරිකාවට ඉහළ ගුවන් සීමාවේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් වෙඩි තබා බිම හෙලූ බව කැනඩාව පවසනවා. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැවසුවේ කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කළ අදාළ වස්තුවට වෙඩි ප්‍රහාර එල්ල කළේ කැනඩාවේ බටහිර ප්‍රදේශයේ යුකෝන් හිදී බවයි.

ඒ සඳහා කැනේඩියානු හා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා සම්බන්ධ වූ බවයි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. කැනේඩියානු හමුදාව අදාළ හඳුනානොගත් වස්තුවේ කොටස් එක් රැස් කර ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරනු ඇති බව ද කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වැඩිදුරටත් සඳහන් කළා.

අමෙරිකාව ද පවසන්නේ අදාළ පියාසර වස්තුව සම්බන්ධයෙන් පැය 24 ක් පුරා නිරීක්ෂණය කළ බවයි.

මේ අතර ඇලස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළ අහසේ පාවෙමින් තිබූ තවත් හඳුනා නොගත් පියාසර වස්තුවකට ඊයේ අමෙරිකාව ද ප්‍රහාර එල්ල කළා. මෙම සිදුවීම් වාර්තා වන්නේ චීනයට අයත් මතභේදාත්මක බැලූනයකට ඉකුත් දා අමරිකාව විසින් වෙඩි තබා බිම හෙලීමෙන් අනතුරුවයි.