සොරකම් කරන ලද රජයේ වත්කම් යළි ලබාගැනීමට සිය රජයක් යටතේ අණපනත් ගෙන එන බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හලාවත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සොරුන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා අරගලයේ නිරත වූ පිරිසගේ ද සහය ලබාගන්නා බවයි.
මේ අතර කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිඳු අයුරකින් මැතිවරණයකට බිය නොවන බවයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සඳහන් කළේ ජනතාව මැතිවරණයකදී තීන්දු තීරණ ගත යුත්තේ ආර්ථිකය පදනම් කර ගෙන බවයි‘