මාර්තු මස අවසන් වන තෙක් විදුලිය නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු නිකුත් කළ හැකි බව ලංකා ගල් අගුරු පුද්ගලික සමාගම පවසනවා. එහි සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ ගල් අගුරු රැගත් 15 වන නෞකාවද අද දිනයේ පුත්තලම ජැටිය වෙත ළඟා වීමට නියමිත බවයි.
ඇනවුම් කර ඇති අනෙකුත් නෞකාද දිවයිනට පැමිණීමෙන් අනතුරුව මැයි මාසය දක්වා ප්‍රමාණවත් තරම් ගල් අගුරු රට තුළ තිබෙන බවද ඔහු කියා සිටියා.
මෙරටට ළඟා වූ 13වන ගල් අගුරු නෞකාවේ ගොඩබෑම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබුණා. ඉන් අනතුරුව 14 වන නෞකාවේ ගල් අගුරු ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ලංකා ගල් අගුරු පුද්ගලික සමාගම වැඩිදුරටත් පැවසුවේ.