Saturday, December 21, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට හිමිවන තැන




කාලගුණික සහ දේශගුණික බලපෑම් මත ඇතිවන ගැටලුද ආණ්ඩුව මත පැටවීමට විපක්ෂය උත්සහ කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

කෙසේවෙතත් වර්තමානයේ රට හමුවේ  පවතින ඇතැම් ගැටලුවලට පසුගිය ආණ්ඩු වගකිව යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 


මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය පක්ෂයට මහමැතිවරණයේදී ලද ජයග්‍රහණයට එහා ගිය ජයග්‍රහණයක් හිමි කරගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා. 



කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ රැසක හිටපු මන්ත්‍රීවරුන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වීමට සූදානමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.