Sunday, May 5, 2024

General line - 0115112241

හොලිවුඩ් චිත්‍රපට නරඹන දරුවන්ගේ මව්පියන් සිරගත කිරීමට උතුරු කොරියානු පාලනයෙන් තීරණයක්




ලොව හුදෙකලා පෙරළිකරු වන උතුරු කොරියාවේ පාලනාධිකාරිය විසින් තවත් මතභේදාත්මක තීන්දුවක් ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එය ජනාධිපති කිම් ජොන් අන් විසින් ලබාදී ඇති නියෝගයක් බවයි.

ඒ අනුව උතුරු කොරියාවේ දරුවන්ට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට නැරඹීම තහනම් කිරීමට ජනාධිපති කිම් ජොන් අන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාළ නියෝගයට අනුව උතුරු කොරියාවේ දරුවන් රූපවාහිනිය හරහා බටහිර චිත්‍රපට හා වැඩසටහන්  නරඹමින් සිටියහොත් ඔවුන්ගේ මව්පියන් අත්අඩංගුවට ගන්නා බවට රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

නව නීතියට අනුව එලෙස අත්අඩංගුවට ගැනෙන දරුවන්ගේ මව්පියන් මාස 06 ක කාලයක් සඳහා කම්කරු කඳවුරුවලට යොමු කිරීමට නියමිතයි. ඔවුන්ගේ දරුවන් ද වසර 05 ක් රඳවා තබා ගැනෙනු ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු පාලනාධිකාරිය පවසන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ආරම්භ වන්නේ නිවසින් බවයි. එබැවින් මව්පියන් සිය දරුවන්ට නිසි දැනුම ලබානොදුන හොත් ඔවුන් ධනවාදය තුළ විනෝදවෙමින් සමාජ විරෝධී පිරිසක් බවට පත්වනු ඇතැයි ද උතුරු කොරියානු පාලනාධිකාරිය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.