Saturday, May 4, 2024

General line - 0115112241

කැනඩාවේ ටික්ටොක් තහනමක්




රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංග වලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා. 
 
එය අද (28) දිනයේ සිට ක්‍රියාත්මක බවයි කැනඩා රජය ප්‍රකාශ කළේ.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවධානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර අගභාගයේදී ටික්ටොක් භාවිතය අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් සේවකයින්ට   තහනම් කළ අතර පසුගිය සඳුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සඳහා දින 30 ක කාලයක් ලබාදී තිබෙනවා.

මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ.