Sunday, May 5, 2024

General line - 0115112241

ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි : මගීන් 26ක් ජීවිතක්ෂයට  (PHOTOS)




ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස දුම්රිය දෙක එකිනෙකට අනතුර ලක්වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

අතෑන්ස් සිට තෙලෙස්ලෝන්කි බලා ගමන් කරමින් තිබු මගී දුම්රියක් සහ තෙලෙස්ලෝන්කි සිට ලාරිසා බලා ධාවනය ධාවනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

“ මෙම අනතුර ඉතා බරපතලයි. දුම්රියන්හි ඉදිරිපස කොටස් දැඩිසේ විනාශයට ලක්ව තිබෙනවා" යැයි සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියේ.

අනතුරෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි 04ක් පීලි පැනීමට ලක්ව ඇති අතර ඉන් පළමු මැදිරි දෙක සම්පුර්ණයෙන් විනාශයට ලක්වී ඇත.

මගී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් 250 කට අධික සංඛ්‍යාවක් නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අනතුරට පත් දුම්රිය මැදිරි අතර තවත් පුද්ගලයින් සිරවී සිටිද යන්න පිළිබඳව සහන සේවකයින් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.