ඉන්දු - ශ්‍රී ලංකා බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මහා මංගල්‍යය අද සහ හෙට පැවැත්වෙනවා. යාපනය දිසාව භාර රඳගුරු ජස්ටින් ඥානප්‍රවකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් කච්චතිව් මහා මංගල්‍යය පැවැත්වීමට නියමිතයි.
මෙවර මෙම මංගල්‍යයට ඉන්දු - ශ්‍රී ලංකා බැතිමතුන් 5,000 ක පමණ පිරිසක් සහභාගී වනු ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය නෙත් නිවුස් වෙත පැවසුවේ.
කච්චතිව් දූපතේ පැවැත්වෙන මංගල්‍යයට සහභාගීවන බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සලසන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඉන්දියාව සතුව පැවති කච්චතිව් දූපත 1974 වසරේ මෙරටට පැවරීමෙන් අනතුරුව කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් ඉන්දීය බැතිමතුන්ද සහභාගි වනවා.