Sunday, May 5, 2024

General line - 0115112241

වසර 12 කින් ලෝකයේ හරි අඩක් තරබාරු වන ලකුණු




මේ මොහොතේම නිසි පියවර නොගතහොත් 2035 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අධික බර හෝ තරබාරු විය හැකි බව ලෝක ස්ථුලතා සම්මේලනය අනතුරු අඟවනවා.

ඔවුන්ගේ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ අධික බර හෝ තරබාරුකම හේතුවෙන් ලෝකයේ බිලියන හතරකට අධික ජනතාවක් පීඩාවට පත් වනු ඇති බවයි. එහි විශේෂත්වය වන්නේ ළමුන් අතර ද අධික බර හෝ තරබාරුවීමේ අනුපාතය වේගයෙන් ඉහළ යාමයි. එය 2020 මට්ටමට වඩා දෙගුණයක්. 

ගෝලීය වශයෙන් තරබාරුකමේ වැඩිවීමේ වැඩිම අවදානමක් ඇති රටවල් 10න් නවයක්ම අප්‍රිකාවේ සහ ආසියාවේ අඩු හෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්වීම විශේෂත්වයක්. එලෙස අධික බර හෝ තරබාරුවන ලෝක ජනගහනය වෙනුවෙන් 2035 වන විට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 4 කට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවයි එම වාර්තාව මඟින් පුරෝකථනය කර ඇත්තේ.

තරබාරුකම හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට සියයට 3 ක බලපෑමක් සිදුකරන බව ලෝක ස්ථුලතා සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය ලුයිස් බවර්, පවසන්නේ අනාගතයේදී ඇතිවිය හැකි ප්‍රතිවිපාකවලින් මිදීමට මෙය පැහැදිලි අනතුරු ඇඟවීමක් බවයි. වාර්තාවේ දත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිතයි.