Saturday, September 21, 2024

General line - 0115112241

කිසිවෙකු නොමැති අතරේ නිවසට පැන ‘14 හැවිරිදි දැරිය‘ දූෂණය කරලා!




වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් කිසිවෙකුත් නොමැති අතරේ දුෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි

අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම – මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරිවියක් වන අතර ඇයගේ වැඩිමහල් සහෝදරියක් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත

අතවරයට පත්ව ඇති දැරිවිය ජීවත් වී ඇත්තේ වයස අවුරුදු 21 ක් වන පැමිණිලිකාර තම වැඩිමහල් සහෝදරිය සමගය

පසුගිය 11 වැනිදා තමන් නැගණියව අසල නිවසක කාන්තාවකට බාර දී අවශ්‍යතාවයක් සදහා කොළඹ ගිය බවත් සවස් කාලයේ නිවසට පැමිණි අවස්ථාවේදී ආගන්තුක පාවහන් යුවලක් ජංගම දුරකථනයක් සහ මුදල් පසුම්බියක් නිවස තුල තිබෙනවා දැක ඒ සම්බන්ධයෙන් විමසූ විට නැගණිය කිසිවක් නොකී බවද පැමිණිලිකාරිය පවසා ඇති නමුත් මෙම පාවහන් යුවල ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය අසල නිවසක පදිංචි තරුණයෙකුගේ බවට තමන් හදුනා ගත් බවත් මෑතක සිට ඔහු සහ නැගණිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව තමන් දැන සිටි බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.

නැගණිය 14 වැනිදා තම ලොකු අම්මාගේ නිවසට ගිය අවස්ථාවේදී පෙම්වතා විසින් තමන්ව දුෂණය කළ බව පවසා ඇතැයි අතවරයට පත්ව ඇති දැරිවියගේ සහෝදරිය පොලීසිය හමුවේ කර ඇති පැමිණිල්ලේ සදහන්වේ .පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වයි.