Sunday, September 8, 2024

General line - 0115112241

සිංහයන්ට ඓතිහාසික ජයක්




ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් තරඟය මීට සුලු මොහොතකට පෙර අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163ක ජයක් ගෙන දෙමින්.

ඒ අනුව තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ ජය 3-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකරගනු ලැබුවා.

තරඟයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  355 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානුවන් ලකුණු 379 ලබාගත්තා.

සිය දෙවන ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 347 ලබාසිටි ශ්‍රි ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා පන්දුයට පහර දීමට ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කළේ ලකුණු 324 ක ඉලක්කයක් ලබාදෙමින්.

කෙසේ වෙතත් ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

250191.3