Thursday, May 16, 2024

General line - 0115112241

යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්




නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ පසුගිය පැය 24 තුළදි පමණක් යුක්රේන හමුදා සාමාජිකයින් 220කට වැඩි පිරිසක් ඝාතනය කළ බවයි. එහෙත් දෙපාර්ශවය පවසන සංඛ්‍යාලේඛන මෙතෙක් තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

යුද උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන බක්මුත් නගරය අල්ලා ගැනීමට රුසියානු හමුදාව උත්සාහ දැරීම හේතුවෙන් මාස කිහිපයක් පුරා එම ප්‍රදේශයේ ගැටුම් හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියානු හමුදා බක්මුත් නගරය අත්පත් කර ගතහොත් යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේම බලය ඔවුන් සතු වනවා.