Saturday, May 4, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්




වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවල ප්‍රකාශ සිදුකළ ද සැබෑලෙසම වරප්‍රසාද කඩවී ඇත්දැයි තීරණය කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මගින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

විනිසුරුවරුන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ දැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.