Saturday, April 27, 2024

General line - 0115112241

දඬුවම්වලින් දරුවන්ගේ මනසට වන හානිය ගැන අලුත් අනාවරණයක්




දරුවන්ට දැඩි දඬුවම් පැනවීමෙන් දරුවන්ගේ මනසට බරපතල හානි සිදුවිය හැකි බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු කියා සිටියේ මනසට සිදුවන හානිය අනාගතයේදී එම දරුවා තීන්දු තීරණ ගැනීමට පවා බලපෑම් කරන බවයි.

දරුවන්ගේ මනසට හානියක් සිදුවුවහොත් එහි දීර්ඝ කාලීන බලපෑම වෙනස් කිරීම අතිශය අපහසු වන බවද මෙහිදී අනාවරණ කෙරුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.