Friday, April 26, 2024

General line - 0115112241

මෙරට පෙර පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන ගැටළු රැසක්




මෙරට පෙරපාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

මෙම අදහස් පළ වුණේ තුන්වන ශ්‍රේණියේ මේ වන විට අධ්‍යාපනය ලබන දරුවන්ගේ සාක්ෂරතා හැකියාවෙන් සියයට 6 ක් සහ ගණිත හැකියාව සියයට 7 ක් තරම් ඉතා අවම මට්ටමක පවතින බවට මාධ්‍ය වාර්තා තොරතුරු අනාවරණය කර ඇති පසුබිමකයි.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ පෙරපාසැල් අධ්‍යාපනයේදී දරුවන්ට ලබාදෙන ඇතැම් ක්‍රියාකාරකම් ඔවුන්ට නොගැලපෙන බවයි.

මේ අතර දරුවන්ට දැඩි දඬුවම් පැනවීමෙන් දරුවන්ගේ මනසට බරපතල හානි සිදුවිය හැකි බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇති බවයි මෙහිදී අනාවරණ කෙරුණේ.