Saturday, September 21, 2024

General line - 0115112241

‘කෝප් කමිටුවට කිව්වත් තවම ප්‍රතිචාරයක් නැහැ’




ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර සේවකයන් හමුවේ ගෙන ගිය අත්තනෝමතික පාලනය හේතුවෙන් සියයට 95 ක් පමණ සේවකයන් ඔවුන්ට විරෝධය දක්වන බව ආයුර්වේද සංස්ථාව සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති බර්නාඩ්  කාරියවසම් පවසනවා.

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මීට ඉහතදී වෙනත් ආයතනයන් තුළ කටයුතු කළ ආකාරය පිළිබඳවද සොයා බැලිය යුතු බවත් හෙතෙම පැවසුවා.

මෙම විරෝධය සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විරෝධයක් නොවන බවත් ඔවුන් දෙදෙනා හැර වෙනත් ලබා දෙන ඕනෑම නිලධාරීන් දෙදෙනෙකු යටතේ සේවය කිරීමට සිය සේවකයන් සූදානම් බවත් හෙතෙම සඳහන් කළා.

මේ පිළිබඳව කෝප් කමිටුවට දැනුම් දී ඇති බවත් තවමන් කිසිඳු  ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

(මේ පිළිබඳ ඔහු දැක්වූ තවත් අදහස් පහතින් අහන්න)